ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 10 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අනුව කැලණිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රොෂාන් ඩයස් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියා ලෙසත් , ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේමසිරි මහතා පුත්තලම කොට්ඨාශ භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, නිකවැරටිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එම්.යූ.චන්දන මහතා කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, කොළඹ මධ්‍යම කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.එම්.එන්.ටී. කුමාර මහතා ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙසටත්, ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ජී.ජේ. නන්දන මහතා නිකවැරටිය කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියා ලෙසත්, තංගල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්.අඹේපිටිය මහතා කොළඹ උතුර කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියා ලෙසත්, කුරුණෑගල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතා කැලණිය කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියා ලෙසත් ස්ථානමාරුකර තිබේ.
ඊට අමතරව වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී. එස්. ජයමහ මහතා පුත්තලම කොට්ඨාශභාර පොලිස් ප්‍රධානී තනතුරේ සිට නුගේගොඩ කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානී තනතුරටත් ,වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩී.ලියනගේ මහතා නුගේගොඩ කොට්ඨාශභාර පොලිස් ප්‍රධානී තනතුරේ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා මූළස්ථානයේ අණදෙන නිලධාරීයා ලෙසත්, වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතා කොළඹ උතුර පොලිස් කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියාගේ තනතුරේ සිට තංගල්ල කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියා ලෙසත් ස්ථානමාරුකර ඇත.
පොලිස් අධිකාරී එම්.එම්.කුමාරසිංහ මහතා ගාල්ල කොට්ඨාශයේ සිට කළුතර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් මාරුකර යවා තිබේ.