තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස් අරගල භූමියේ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ 4ක් රෝහලේ

    ගෝල්ෆේස් අරගල භූමියේ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ 4ක් රෝහලේ

    කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ රැදී සිටි වැල්ලමිපිටියේ සහ මෝදර පදිංචි තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර තිබේ.

    තුවාල කරුවන් අතර දෙපාර්ශවයේම අය සිටින බවත් ඔවුන් වයස අවුරුදු 20ත් 15ත් අතර පසුවන්නන් බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

    මෙම ගැටුම සම්බන්ධයෙන් මෙතෙක් පොලීසියට පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img