
අරලියගහ මන්දිරය අත්පත්කරගෙන සිටින අරගලකරුවන් දෙපිරිසක් අතර අද අලුයම් කාලයේදී හටගත් ගැටුමකින් 10 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර තිබේ.
එහිදී තවත් පිරිසක් සුළු තුවාල ලබා ඇතත් රෝහල්ගතකර නැති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
අරගලයේ නිරත කණ්ඩායම් විසින් අරලියගහ මන්දිරයේ කාමර වෙන්කරගෙන සිටින බවත් එක් කණ්ඩායමක් විසින් වෙන්කරගෙන සිටින කාමරයක් වෙනත් කණ්ඩායමක් විසින් අද අලුයම් කාලයේදී නිදා ගෙන සිටීම මෙම ගැටුමට මුල්වී ඇති බව සඳහන්ය.