
ජනාධිපති මන්දිරයේ අල්මාරියකින් හමුවූ මුදල් සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.
රුපියල් කෝටි දෙකකට ආසන්න එම මුදලට හිමිකරුවෙක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති පසුබිමක එම මුදල පොලීසිය භාර ඇමතිවරයාට ලබාදෙන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කළ නියෝගය මෙසේ එම මුදල් වල හිමිකරුවන් හඳුනා ගැනීමට විමර්ශනයක අවශ්‍යතාව මතුවී තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඒ කළ බලපෑම ගැන කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ මහතා පොලිිස් පොතේ සටහනක්ද තබා ඇත.
අරගලයේ නිරත තරුණ කණ්ඩායමකට හමුවූ මෙම මුදල් පොලීසියට භාරදෙන්නේ එම තරුණයන් විසිනි.
මෙම මුදල් පෞද්ගලික බැංකුවකින් ලබාගෙන ඇති බව එම නෝට්ටු ඔතා තිබුණු සෙලේපේන් කවරයේ තිබුණු සටහන් වලින් පෙනී ගොස් ඇති අතර එම සටහන්වලට අනුව හිමිකරුව පහසුවෙන් සොයා ගැනීමට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.