
අද පැවති දේශපාලන පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ලබන 13 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වුවහොත් ඉන් අනතුරුව මීළඟ ජනාධිපතිවරයා පත්කරගැනීමට ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
ඒ අනුව මෙම කටයුතු වෙනුවෙන් ජූලි 15 පාර්ලිමේන්තුව කැඳවීමටත් ජූලි 19 ජනාධිපති ධූරයට නාමයෝජනා බාරගැනීමටත් ජුලි 20 නව ජනාධිපතිවරයා සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයකින් තෝරා පත්කරගැනීමටත් නියමිතය.