එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ රුවට සමාන පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් එකට සිටින අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකරමින් එහි සිටින්නේ කාවින්ද ජයවර්ධන මහතා බව හැගවීමට කළ උත්සහයක් සම්බන්දයෙන් කෙරන විමර්ශනයකට අදාලාව කොළඹ අපරාධ කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ අද (28) ප්‍රශ්න කළේය.
පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කල බව අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියේ පැවැසීය.
කාවින්ද ජයවර්ධන මහතා සදහන් කරන්නේ එම වීඩියෝවේ සිටින්නේ ඉන්දීය රංගන ශිල්පීන් දෙදෙනෙක් බවය. එම වීඩියෝව සංස්කරණය කර එය තමාගේ එකක් ලෙස ප්‍රසිද්ධකර ඇතැයි පවසමින් ඒ ගැන විමර්ශනයක් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇත්තේ කාවින්ද ජයවර්ධන මහතාය.
එම වීඩියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය මෙයට පෙර ප්‍රශ්න කළේය. එහිදී ඔහු සදහන් කර ඇත්තේ තමාගේ මිතුරියක් වන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක් වන මල්ෂා කුමාරතුංග මහත්මිය තමාට එම වීඩියෝව එවූ බවය. මල්ෂා කුමාරතුංග යනු ජීවන් කුමාරතුංග මහතාගේ දියණියයි.
ඒ අනුව මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පසුගිය දිනක ඇය නවාතැන් ගෙන සිටි ෂැංග්‍රිලා හෝටලයට ගොස් තිබේ. එවිට ඇය සිටි ස්ථානයේම සිටි හිටපු ඇමතිවරයෙක් වන හරීන් ප්‍රනාන්දු මහතා පොලිස් නිලධාරීණ්ට බාධා කිරීමක්ද කර තිබේ. අනතුරුව මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් අවස්ථා කිහිපයකදීම ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ප්‍රශ්න කර ඇත. එවිට ඇය සදහන් කර ඇත්තේ එමබ වීඩියෝව තමන්ට ලැබුනේ හරීන් ප්‍රනාන්දු මහතාගෙන් බවය. හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඒ අනුවය.