
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂාව තර කිරීමට විශේෂ කාර්ය බලකාය කටයුතු යොදා තිබේ.
කථානායකවරයාගේ නිල නිවසේ ආරක්ෂාව භාරව සිටින්නේ විශේෂ කාර්ය බලකායයි.
මෙතෙක් ලබාදී ඇති ආරක්ෂක භට කණ්ඩායම වැඩිකරමින් ආරක්ෂාව වැඩි කළ බව විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙක් තහවුරු කළේය.
විශේෂ කාර්ය බලකායට අමතරව සාමාන්‍ය පොලිසියෙන්ද නිවසේ සහ ඒ අවට ආරක්ෂාවට යොදවා තිබේ.