Home උණුසුම් පුවත් අරගල භූමියෙන් පොලිස් නිලධාරියෙක් අල්ලයි

අරගල භූමියෙන් පොලිස් නිලධාරියෙක් අල්ලයි

0
අරගල භූමියෙන් පොලිස් නිලධාරියෙක් අල්ලයි

පාවහන් යුවලක් පැළද ගාලුමුවදොර අරගල භූමියේ රැදී සිටි පොලිස් නිලධාරියෙක් අද අළුයම් කාලයේදී කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජුලි 09 වෙනිදා මහරගමදී අරගලකරුවන් සමඟ එක්වී ඇත්තේ මෙම නිලධාරියා බව හඳුනාගෙන ඇත.

මෙම නිලධාරියා කොස්තාපල්වරයෙක් වන අතර ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙකි.

කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ පාවහන් පැළද නිල ඇදුමින් මෙම නිලධාරියා සැකකටයුතු ලෙස එහි රැදී සිටීම නිසා අත්අඩංගුවට ගත් බවය. ඔහුට පොලිස් ඇප දී මුදා හරින බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් විනයානුකූල පියවර ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here