
අරගලකරුවන් තමාට පහර දුන්නද අරගලය පිළිබඳ තමාගේ ඇති යහපත් හැඟීම බිඳකින් හෝ වෙනස් වී නැතැයි සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසසයි.
ඊයේ පැවති ආණ්ඩුවට එරෙහි අරගලය අතරතුර ජනාධිපති මන්දිරය ප්‍රදේශයට ඇතුළු වීමට ගිය අවස්ථාවේ දී මන්ත්‍රීවරයාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහර දී තිබුණි.
මේ අතර ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නොමැති තත්වයක් තුළ රටේ වගකීම බාරවිය යුත්තේ විකල්ප අගමැතිවරයා වන විපක්ෂ නායකයා වෙත බව මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
අද දින සමාජ ජාලයේ සටහනක් තබමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමාට කළ පහරදීම සහ අරගලය පිළිබඳ පවසා ඇත්තේ මෙවැන්නකි.