
අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.
ඊයේ දිනයේ පැවති ආණ්ඩුවට එරෙහි විරෝධතා අතරතුර, අගමැතිකමින් ඉල්ලා අස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළකිරීමෙන් අනතුරුව ගිනිතැබීමට ලක්වූ ඒ මහතාගේ කොළඹ රාජකීය විද්‍යාලය ඉදිරිපිට පිහිටි නිවස අද දිස්වූ අයුරු.