තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති මැදුරෙන් හමුවූ එක්කෝටි හැත්තෑඅට ලක්ෂයක් රහසිගතව පොලිස් ඇමතිට දෙන්නැයි දේශබන්දුගෙන් උපදෙස්!

    ජනපති මැදුරෙන් හමුවූ එක්කෝටි හැත්තෑඅට ලක්ෂයක් රහසිගතව පොලිස් ඇමතිට දෙන්නැයි දේශබන්දුගෙන් උපදෙස්!

    ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළුවීමෙන් පසු විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටියේ යැයි කියැවෙන කාමරයේ අල්මාරියේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් හමුවී ඇත.

    එම මුදල එම සිසුන් සිය භාරයට ගෙන ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට ඒ මොහොතේ සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු නැමැති නිලධාරියාට භාරදීමට එම විශ්ව විද්‍යාල සිසුන් පියවර ගෙන තිබේ.

    එහිදී ඔහු එම මුදල භාර නොගෙන ඒ බව කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ මහතාට දැනුම් දී ඇත.

    ඒ අනුව සාගර ලියනගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගොස් මුදල් හමුවූ ස්ථානය වීඩියෝගතකර සිසුන් 05 දෙනෙකුගේ ප්‍රකාශද සටහන්කරගෙන මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.

    එම මුදල් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියදී අද රාත්‍රී කාලයේදී අතුරුදන්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදිසියේම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ‍දෙමින් පවසා ඇත්තේ එම මුදල් පිළිබද කිසිදු සටහනක් පොලිස්පොත්වල නොතබා වහාම හෙට උදෑසන වන විට පොලීසිය භාර ඇමතිවරයාට භාරදෙන ලෙසය.

    කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේපකර ඇති බවත් “තමුසේ මම කියපු දේ කරනවා“ යැයි එහිදී දේශබන්දු තෙන්නකෝන් විසින් පවසා ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විිසින් තමාට කථාකර මෙවන් බලපෑමක් කළ බවට පොලිස් සටහනක් තබා ඒ බව පොලිස් මූලස්ථානයටද මේ වන විට දැනුම් දීමක් කර තිබේ. පොලිස්පතිවරයාගෙන් විමසීමකින් තොරව එම මුදල් එසේ පිටස්තර කිසිවෙකුත් අතට පත් නොකරන ලෙස එහිදී පොලිස් මූලස්ථානයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලැබී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img