තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මනූෂයි හරීනුයි ඇමතිධූර අතහරී

    මනූෂයි හරීනුයි ඇමතිධූර අතහරී

    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු යන මහත්වරු සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරු දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.

    එම නිවේදනය මෙසේය.

    කල් ඇතිව අවබෝධ කරගෙන සිටි අප පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු බලය ඉල්ලා සිටියත් ජනතා කැමැත්ත හිමිවූයේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීමටය.

    එතැන් සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුකරණයේ ඇති අසමත්භාවයන් සම්බන්ධයෙන් සමීප අධ්‍යයනයක සිටි අපි, ජනාධිපතිවරයාගේ අසාර්ථකභාවය පිළිබද දිගින් දිගටම හඩ නැගුවෙමු. ජනාධිපතිවරයා අසමත් බවට වන මතය සමාජ ගත කළෙමු. ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කරමින් තිබූ වැඩපිළිවෙල රට බරපතල සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට පාර කපන බව දැනගත් අප එය වැලැක්වීම ස`දහා විපක්ෂයේ සිටිමින් විශාල කාර්යභාරයක් ඉටු කළෙමු.

    ඇතිවිය හැකිව තිබූ අර්බුදයට විසදුම් ලබාගැනීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගිය යුතු බවට වන මතය අපි සමාජ ගත කළෙමු. ඒ වෙනුවෙන් පෙනී සිටියෙමු. පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ඒ වෙනුවෙන් සටන් කළෙමු. එක්ව විසදුමක් ලබාදිය යුතු යැයි විටෙක සංවේදීවත්, විටෙක ආවේගශීලීවත් සියලූම පක්ෂවලින් ඉල්ලා සිටියෙමු.

    එහෙත් රටේ ගැටලූ විසදන සර්ව පාක්ෂික, ප‍්‍රගතිශීලී දේශපාලන ගමනක් වෙනුවෙන් පක්ෂ නායකයින්ගෙන් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත. සාමූහික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලූ පක්ෂ එක්වූයේ නැත.

    එහි ප‍්‍රතිඵලයක් ලෙස අප දෙදෙනා ඇමැතිධූර භාරගනිමින්, ඇතිවෙමින් තිබූ ආර්ථික ගැටලූවට විස`දුම් සොයාගැනීම සදහා අපට ලබාදිය හැකි සක‍්‍රීය දායක්තවය ලබාදුන්නෙමු. අප එම තීරණය ගනු ලැබුවේ අපගේ දේශපාලන අනාගතය ගැන නොසිතමිනි.

    සංචාරක හා ඉඩම් ඇමැතිවරයා ලෙසත්, කම්කරු හා විදේශ රැුකියා ඇමැතිවරයා ලෙසත් රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒම සදහා ගත යුතු කඩිනම් ක‍්‍රියාමාර්ග අපි අනුගමනය කළෙමු. ඒ සදහා වන ක්ෂණික, තිරසාර වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළේ මෙම ගැටලූවේ ඇති ගැඹුර අවබෝධ කරගත් නිසාය. ඒ අතරම ජනතාවට ඉක්මනින් ලබාදිය යුතු සහන ලබාදීමට කටයුතු කරමින් සිටියෙමු.

    එහෙත් වසර ගණනාවක් තිස්සේ නිර්මාණය වෙමින් තිබූ අර්බුදය, සති හයක කාලයක් තුළදී ලබාදෙන ක්ෂණික විසදුම්වලින් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකිය. පාර්ලිමේන්තු ක‍්‍රමය ගැන විශ්වාසයක් නොතිබූ පොදු ජනතාව මහමගට බැස යළිත් සටන් කරන්න ගත්තේ මේ සමගය. දැන් නැවත වරක් ඉල්ලා සිටින්නේ අප කලින් සටන් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටය.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සදහා අප දෙදෙනා, මේ වන විට දරණ කම්කරු සහ විදේශ රැුකියා අමාත්‍යධූරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍යධූරයෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම්දෙමු.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img