තවත්
    මුල් පිටුවදේශීය පුවත්අරගලකරුවන් මන්දිරයට එද්දී පොඩ්ඩන්ව බිල්ල ට තබා හමුදා සහ පොලිස් ලොක්කෝ පළා...

    අරගලකරුවන් මන්දිරයට එද්දී පොඩ්ඩන්ව බිල්ල ට තබා හමුදා සහ පොලිස් ලොක්කෝ පළා යති

    ජනාධිපතිවරයාට ඉවත්වන්නැයි බල කරමින් අද කොළඹට පැමිණි ජනතාව විසුරුවා හැරීමට පොලීසිය සහ හමුදාවට අණ දෙන මෙහෙයුම් මැදිරිය ස්ථාපිතකර තිබුණේ ජනාධිපති මන්දිර පරීශ්‍රය තුළය.

    මෑතකදී තනතුරට පත්වූ ආන්දෝලනාත්ම චරිතයක් වන ඇමතිවරයෙක් ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ ත්‍රීවිධ හමුදාපතිවරු එම මෙහෙයුම් මැදිරියේ රැදී සිටියේය. ඒ අය හැරුණු කොට එතැන සිටි කැපී පෙනෙන නිලධාරියෙක් වූයේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය.

    පොලිස්පතිවරයා එහි සිටියත් ඔහුව අභිබවමින් එතැන සිට නියෝග දෙමින් පොලීසිය මෙහෙයවා ඇත්තේ ඔහුය.

    බාධක බිදගෙන ජනතාව ජනාධිපති මන්දිරය දෙසට එන විට උපරිම බලය යොදා නතරකරන්නැයි පොලීසියට දිගින් දිගටම නියෝග ලබාදී ඇත්තේ දේශබන්දුය. එහෙත් අවසානයේදී ඔහු කොළඹට ගෙන්වා අරගලය මැඩලීමට දැමූ පොලිස් ලොක්කෝද ඔහුගේ අණ පිළිපැද්දේ නැත. ජනතාව බාධක බිද ජනාධිපති මන්දිරයට ඇතුළුවන්නේ එවන් පසුබිමක් තුළදිය.

    එසේ ජනතාව එනවිට අදාල කැබිනට් ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පළා යන්නේ අසල පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයට රිංගාය.

    පොලිස්පතිවරයා කෙලින්ම යන්නේ ඔහුගේ පුද්ගලික නිවසටය. අඩුම තරමින් ඔහු නිල නිවසටවත් ගියේ නැත. ආරක්ෂක ලේකම්වරයා යන්නේ කටුනායක පැත්තටය. සෙසු හමුදා ප්‍රධානීන්ද සීසීකඩ විසිරෙන්නේ අරගලකරුවන් මැඩලීමට ගෙන ආ හමුදා නිලධාරීන්ට පසු බසින්නටවත් කියා නියෝගයක් නොදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img