Home උණුසුම් පුවත් මීරිගම සමූපෙ අධ්‍යක්ෂ ඇතුළු 05ක් සැඟවූ ඉන්ධන සමඟ කොටුවේ

මීරිගම සමූපෙ අධ්‍යක්ෂ ඇතුළු 05ක් සැඟවූ ඉන්ධන සමඟ කොටුවේ

මීරිගම සමූපෙ අධ්‍යක්ෂ ඇතුළු 05ක් සැඟවූ ඉන්ධන සමඟ කොටුවේ

ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් මීරිගම සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂවරයා ඇතුළු 05 දෙනෙක් මීරිගම පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර සමූපාකාරයේ ලේකම්වරයා, සැපයුම් නිලධාරියා ද රියදුරෙක් සහ රිය සහයකයෙක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

පොලීසියට ලද තොරතුරකට අනුව මීරිගම සමූපාකාර ඉන්ධනහලේ ගොඩනැගිල්ල සහ මීරිගම පිහිටි සමූපාකාර ලේකම්වරයාගේ නිවස පරික්ෂා කිරීමේදී එම ස්ථානවල තිබී පෙට්‍රල් ලීටර් 1050ක් හා ඩීසල් ලීටර් 300ක් හමුවූ බවත් ඒ අනුව ඔවුන් 05 දෙනා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

මෙම සැකකරුවන් 05 දෙනා අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here