Home special වෙඩි පහර කෑ ජපාන හිටපු අගමැති මියයයි

වෙඩි පහර කෑ ජපාන හිටපු අගමැති මියයයි

වෙඩි පහර කෑ ජපාන හිටපු අගමැති මියයයි

 

ජපානයේ හිටපු අග්‍රාමත්‍ය ශින්ෂෝ අබේ දේශපාලන රැලියක් අමතන අවස්ථාවෙදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඉතා අවසනාවන්ත ලෙස මරණයට පත්විය.

ජපාන වෙලාවෙන් උදෑසන 11.30 පමණ නාරා ප්‍රදේශයේදී අබේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ බෙල්ලේ දකුණු පසට දැඩි තුවාල වී වහාම රොහල් ගත කළේය. ප්‍රථමයෙන් ඔහුව ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගිය අතර පසුව හෙලිකොප්ටර යානයක් යොදාගෙන ඊට යොදා ගැනීමට ජපාන බලධාරීන් පියවරගෙන තිබිණි.

හිටපු අග්‍රාමත්‍යවරයා දහවල් 12.20ට රෝහල වෙත රැගෙන ඒමට සමත්ව ඇති බව නාරා රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය. පසුව ජාපන අග්‍රාමත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍යවෙත අමතමින් ප්‍රකාශ කර සිටියේ හිටපු අග්‍රාම්‍යවරයාගේ තත්ත්වය බරපතල බවයි.

ඒ අනුව අබේ හට ප්‍රථමයෙන් ප්‍රතිකාර කළ 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමට අතිරේකව තවත් 10 දෙනෙකුගෙන්යුත් වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් පැය හතරකට අධික කාලයක් වෛද්‍යවරුන් දැඩි ප්‍රයත්නයක් දැරුවද හිටපු අග්‍රාමත්‍යවරයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට නොහැකි විය.

මෙහිදී වෙඩි ප්‍රහාරය හිටපු අග්‍රමාත්‍යවරයාගේ හදවත ආසන්නයට දක්වා දැඩි හානි කර ඇති බව පසුව නාරා රෝහල් බලධාරීන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබිණි.

මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට ජපනා පොලිස් බලධාරීන් සමත්විය. පොලිසිය පවසන අන්දමට වෙඩි තැබීම කර ඇත්තේ වයස අවුරුදු 41ක පුද්ගලයකු වන අතර ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව එම ස්ථානනේ පලා යෑමට උත්සහකර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළ ජපාන පොලිිසිය හට සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍යද සොයා ගැනීමට හැකිවී ඇත.

ජපානයේ වැඩිම කාලයක් අග්‍රමාත්‍යධුරය දැරූ අග්‍රමාත්‍යවරයා වන්නේද ශීන්සෝ අබේ වන අතර ඔහු 2012 වර්ෂයේ සිට 2020 දක්වා එම ධුරයේ කටයුතු කළේය.

හිටපු ජනපාන අග්‍රමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් ලෝක නායකින් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර අද දින එරට ඉතිහාසයේ අදුරුතම දිනයක් ලෙස ඉතිහාස ගතවනු ඇති බවද එරට සමාජ මාධ්‍ය තුල සාකච්ඡාවට බඳුන්වේ.

සබැඳි පුවත්
ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here