Home උණුසුම් පුවත් ඥාති නිවසකට වෙඩි තැබූ දියවන්නාවේ පොහොට්ටු මන්ත්‍රී අතුරුදන්

ඥාති නිවසකට වෙඩි තැබූ දියවන්නාවේ පොහොට්ටු මන්ත්‍රී අතුරුදන්

ඥාති නිවසකට වෙඩි තැබූ දියවන්නාවේ පොහොට්ටු මන්ත්‍රී අතුරුදන්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර

සිය ඥාති නිවසකට අද අලුයම වෙඩි තැබූ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර නොහොත් දයාබර මංජු මේ වන විට සැඟවී සිටින බව පොලීසිය කියයි.

අගුරුවාතොට පොලිස් වසමේ දොඹගොඩ හමුදා කදවුර මංසන්ධියේ පිහිටි සිය ඥාති නිවසකට ඔහු මෙසේ වෙඩි තබා ඇත්තේ බීමත්ව බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකරුගේ මවගේ තෙමස් ධානමය පිංකම වෙනුවෙන් ධර්ම දේශනයක් පවත්වා ඇත්තේ ඊයේය. ඊට මන්ත්‍රීවරයාටද ආරාධනාකර තිබී ඇත.

මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ ධර්ම දේශනාව අවසන්ව පැය දෙක තුනකට පසුවය. ඒ පැමිණි ඔහු නිවසේ රැදී සිටි කිමිල දෙනෙක් සමඟ කථාබස් කරමින් සිට ඇති බව කියයි.

පවතින බඩුමිල ගැන සහ ඉන්ධන ප්‍රශ්න මුල්කරගෙන මන්ත්‍රීවරයාට නිවසේ සිටි පිරිස දොස් කියා ඇති බවත් ඊට උරණ වී ගැටුමක් ඇතිකර ගනිමින් මන්ත්‍රීවරයා නිවසින් පිටව ගොස් නැවත පැමිණ මෙම වෙඩි තැබීම කර ඇති බවත් පොලීසිය කියයි.

වෙඩි තැබූ ස්ථානයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවි වලට යොදන පතොරම් 02ක්ද පොලීසියට හමුවී ඇත.

(ඡායාරූපයේ සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතායි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here