Home දේශීය පුවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දුන් මෙරට 6කට රුධිර කැටි ගැසීම් – 3ක් මරුට

ඇස්ට්‍රාසෙනෙකා එන්නත දුන් මෙරට 6කට රුධිර කැටි ගැසීම් – 3ක් මරුට

ඇස්ට්‍රාසෙනෙකා එන්නත දුන්  මෙරට 6කට රුධිර කැටි ගැසීම් – 3ක් මරුට

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් 6 දෙනකුට රුධිරය කැටිගැසීම සිදුවී ඇති බවත් ඉන් තිදෙනෙකු මියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී හෙළි කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව කීය.

“ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත. ලංකාවේත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත.

මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නොමැති අතර, මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4 -6ත් අතර බව දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත. ඒ නිසා කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇති විය හැකි ආබාධ සමග සංසන්දනය කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාවය ඉතා අල්ප බව ලෝක දත්ත අනුව පැහැදිලි වේ. තවද ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.“

මේ අතර ඊයේ, මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 367ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසූහ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 97,471කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here