Home උණුසුම් පුවත් 9 වැනිදා අරගලයට ලොතරැයි අලෙවිකරුවෝත් එක්වෙති

9 වැනිදා අරගලයට ලොතරැයි අලෙවිකරුවෝත් එක්වෙති

9 වැනිදා අරගලයට ලොතරැයි අලෙවිකරුවෝත් එක්වෙති

ජනපති සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස ඉල්ලා අරගලයට සහාය දක්වමින් අනිද්දා (9) දිනයේදී ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බව ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා පවසන්නේ ජනාධිපති අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුලු අමාත්‍යංශ 5 කට දායකත්වය ලබාදෙන ලොතරැයි කර්මාන්තයට දක්වන නොසැළකිල්ලට විරෝධය පළ කිරීමක් ලෙස මෙම තීරණය ගන්නා බවයි.

 ඒ අනුව ලොතරැයි අලෙවි නියෝජිතයින් සහ අලෙවිකරුවන් අනිද්දා අලෙවියෙන් ඉවත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here