තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාතික ඉහළට

    පොලී අනුපාතික ඉහළට

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, 14.50% සහ 15.50% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ( 06) දින පැවති රැස්වීමේදී ය.

    මෑත කාලීනව මතුපිට උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යෑම සහ ඉදිරි කාලයේදී අඛණ්ඩව ඉහළ උද්ධමනයක් පැවතීම පිළිබඳව අවධානය යොමු කරමින් අහිතකර උද්ධමන අපේක්ෂා ගොඩ නැගීම පාලනය කිරීම සඳහා තවදුරටත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී ඇත.

    මෙම තීරණයට එළඹීමේදී මුදල් මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සහ මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය යනාදිය කෙරෙහි දැඩි මුදල් තත්ත්වයන් මගින් වන බලපෑම සහ නුදුරු කාලීනව ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි මිල පීඩන ඉහළ යෑම හේතුවෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම් සලකා බලන ලදී.

    ඒ අනුව, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මගින් උද්ධමනය පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලයේ අදහස විය.

    මහබැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පහත සවිස්තරාත්මකව දක්වා ඇත.
    press_20220707_Monetary_Policy_Review_No_5_2022_s

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img