Home උණුසුම් පුවත් පෝලිම් දෙකක උපතක් සහ විපතක් (🎥)

පෝලිම් දෙකක උපතක් සහ විපතක් (🎥)

පෝලිම් දෙකක උපතක් සහ විපතක් (🎥)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි ගැබිනි කාන්තාවකට දරු ප්‍රසුතිය ආසන්න වී වේදනාව උත්සන්න වීමෙන් එහි සේවය කරන ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් විසින් ඇයව වහා රෝහල්ගත කර තිබේ.

අනතුරුව ඇය ආරක්ෂිතව දරුවකු බිහි කර ඇත.

මෙම සිද්ධියට පාදක වූ කාන්තාව හැටන් ප්‍රදේශයේ සිට පැමිණි දමිළ ජාතික කාන්තාවකි.

අද උදෑසන 07.40 ට පමණ දරු ප්‍රසුතිය ආසන්න වී දරු ප්‍රසූත වේදනාව උත්සන්න වීම හේතුවෙන් එය දුටු එහි යුධ හමුදා භටපිරිස් විසින් ඇයව වහාම කොළඹ කාසල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරු ප්‍රසූතිය සිදුවී ඇත.

මේ අතර ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

පයාගල අයිඕසී (LIOC) ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටියදී 60 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු මෙසේ මිය ගොස් ඇත.

ඉන්ධන පෝලිමේ රැඳී සිටින අතරතුර ඔහු හදිසියේ අසනීප වී ඇති අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here