තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෝලිම් දිග නිසා පාස්පෝට් කන්තෝරුවේ වැඩට තවත් කට්ටියක්

    පෝලිම් දිග නිසා පාස්පෝට් කන්තෝරුවේ වැඩට තවත් කට්ටියක්

    කළමනාකරණ සේවා නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කර තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ බව සියලු ආයතන ප්‍රධානීන් වෙත ඊයේ (06) දිනයේ දැනුම් දී ඇත.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්‍යාලය වෙත පැමිණෙන දෛනික සේවාලාභීන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් තාවකාලික පදනම මත මාස තුනක කාලයක් සඳහා මෙම පිරිස අනුයුක්ත කරන ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් ඉල්ලීමක් කර තිබේ.

    ඒ අනුව බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කිලෝමීටර් 10ක් දුරින් පදිංචි කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරින් සඳහා මාස තුනක කාලයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

    දිවා රාත්‍රී සේවා මුර ක්‍රමයට සේවය කිරීමට කැමැත්ත පළ කරන නිලධාරීන්ගේ ඉල්ලීම් හා ඒ පිළිබඳව නිර්දේශ ලබන 11 වැනි දිනට පෙර ලබාදෙන ලෙස සියලු ආයතන ප්‍රධානීන් වෙත ඒකාබද්ධ සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

    මෙය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා ප්‍රමුඛත්ව දී කටයුතු කරන ලෙසත් ඉල්ලීම් ලැබීමේ අනුපිළිවෙල අනුව අනුයුක්ත කිරීම් සිදුකරන බවත් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img