කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගියදා වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා වෙත හෙට භාරදීමට නියමිතව තිබේ.
එම මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාම හා එය මුල් කරගෙන ඇතිවු නොසන්සුන්තාව පිළිබදව මෙම වාර්තාව සකස් කර ඇත.
බ්‍රිගේඩියර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කර්නල්වරයෙක් ලුතිනන් කර්නල්වරු දෙදෙනෙක් හා මේජර්වරයෙක් කටයුතු කරති.
කමිටු වාර්තාව අද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් වෙත ලැබීමට නියමිතය.