Home උණුසුම් පුවත් අර්බුදය උග්‍ර නිසා වැඩිමිලට පෙට්‍රල් නැවක් ගනී

අර්බුදය උග්‍ර නිසා වැඩිමිලට පෙට්‍රල් නැවක් ගනී

අර්බුදය උග්‍ර නිසා වැඩිමිලට පෙට්‍රල් නැවක් ගනී

රටෙහි පවතින ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීමට ලබන 22 වැනිදාට පෙර වැඩිමිලට හෝ පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඊට අදාළ පෙරගෙවීම් ද සිදුකරන බවයි.

ඒ අනුව එළඹෙන 13 වනදා වනවිට පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවෙකු ඉදිරිපත්ව සිටින බවත් එම නැව ලබන 15 වැනිදා වනවිට මෙරටට ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here