තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියාවේ යන නඩයට උදයංගගෙන් චෝදනා

    රුසියාවේ යන නඩයට උදයංගගෙන් චෝදනා

    රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් මහතා අද (06) සවස 2.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් දීමට නියමිතව තිබූ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකුවන උදයංග වීරතුංග මහතා විසින් සමාජ මාධ්‍යට ප්‍රකාශයක් කර ඇත.
    මීගමුවේ සිට රුසියානු සහ යුක්රේන ජාතික කාන්තාවන් දෙදෙනෙකු සමඟ සමාජ මාධ්‍යට පැමිණ ප්‍රකාශයක් කරමින් උදයංග වීරතුංග මෙම හෙළිදරව්ව කර තිබේ.

    අදාළ වීඩියෝ මගින් උදයංග වීරතුංග ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු හෙංචයියන් තිදෙනෙකුට රුසියාවේ රිස්ට් කාල්ටන් හෝටලයක නවාතැන් පහසුකම් සපයමින් ද්විපාර්ශවික සාකච්ඡා සඳහා රටේ මහජන මුදල් යෙදවීම අපරාධයක් බවයි.

    රුසියානු රූබල් මුදල් ඒකකය පිළිගැනිම සහ ණය ආධාර යටතේ ඉන්ධන ලබා ගැනීමට ජනාධිපති වැලැදිමිර් පූටින් සමඟ සාකච්ඡා කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව උදයංග වීරතුංග ප්‍රකාශ කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img