හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන Recombinant Streptokinase (IP 1500000IU) විශාල අඩුපාඩුවක් පවතින බව විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා විසින් කළ දැනුම් දීමට අනුව රුපියල් මිලියන 15.6ක් වටිනා එම ඖෂධ එන්නත් 4000ක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් පරිත්‍යාග කර තිබේ.
සමගි ජන බලවේගය පවසන්නේ විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා කළ ඉල්ලීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද 2022 මැයි 18 දින අවධානය යොමු කළ බවයි.
අදාල ඖෂධ තොගය මේ රට තුළ හිඟ බවත් හැකිනම් “හුස්මක් වැඩසටහන” හරහා එම ඖෂධ ගෙන්වා දෙන ලෙසත් අගමැතිවරයා ද අභියෝග කරමින් ඉල්ලා සිටියේය.
මේ රටේ ජන ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා අතිමහත් වගකීමක් සිය පක්ෂය සතු අතර එය හැකි සෑම විටෙකම ඉටු කිරීමට සැදී පැහැදී සිටින බව සමගි ජන බලවේගය පෙන්වා දෙයි.
අදාළ ඖෂධ සොයා ගැනීම උදෙසා තම පක්ෂය විසින් දරන ලද උත්සාහය මල්ඵල ගන්වමින් විපක්ෂ නායක විධායක සම්බන්ධීකාරක නයන වාසලතිලක මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ඖෂධ ගෙන්වා බාරදුන් බව එම පක්ෂය පැවැසීය.
Recombinant Streptokinase යනු ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට මුහුණදෙන හෘද රෝගීන්ගේ ජීවිත සුරක්ෂාව උදෙසා අත්‍යාවශ්‍ය වන ඖෂධයකි.
“සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ සහ සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට ක්‍රියාත්මක කරනු ලබයි.
ජීවිතය ජීවත් කරවීම උදෙසා අරගල කරනු ලබන ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.