Home උණුසුම් පුවත් ඉන්ධන පිරවුම්හලේ යකා නැටුවේ යැයි කියමින් මාධ්‍යවේදීයාත් ගුරුවරයාත් අත්අඩංගුවට ගනී

ඉන්ධන පිරවුම්හලේ යකා නැටුවේ යැයි කියමින් මාධ්‍යවේදීයාත් ගුරුවරයාත් අත්අඩංගුවට ගනී

ඉන්ධන පිරවුම්හලේ යකා නැටුවේ යැයි කියමින්  මාධ්‍යවේදීයාත් ගුරුවරයාත් අත්අඩංගුවට ගනී

ගල්ගමුවේ ඉන්ධන පිරවුම්හලක් තුළදී සිය මෝටර් රථයට ඉන්ධන ඉල්ලා බීමත්ව කලහාකාරී ලෙස හැසුරු‍ණේ යැයි කියන ජනප්‍රිය රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් සහ ඔහු සමඟ පැමිණි ගුරුවරයෙක් ගල්ගමුව පොලීසිය ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධන පිරවුම්හලේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට , ඉන්ධනහලේ කළමනාකරුට හා සේවකයන්ට බීමතින් බැනවැදී කලහාකාරීලෙස ඔහු හැසුරුණු බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රාදේශීය මාධ්‍යවේදියා අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ ගල්ගමුව රෝහලට ඇතුලත්කර තිබේ.

ඔවුන් දෙදෙනාව අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here