Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉන්දියාවෙන් ඇල්ලූ මත්කුඩු බෝට්ටුවේ සිටි අංජුගේ ගෝලයින් මෙන්න

ඉන්දියාවෙන් ඇල්ලූ මත්කුඩු බෝට්ටුවේ සිටි අංජුගේ ගෝලයින් මෙන්න

0
ඉන්දියාවෙන් ඇල්ලූ මත්කුඩු බෝට්ටුවේ සිටි  අංජුගේ ගෝලයින් මෙන්න

ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබියදී ඉන්දියානුු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙරට රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදුුන් තොරතුරකට අනුව ඉන්දියානු සාගර සීමාවේදී අල්ලාගත් මත්කුඩු කිලෝ 340 ක් සහිත බහුදින යාත්‍රාවේ සිටි පස් දෙනා හදුනා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇත.

අගුලානේ සහ බඩෝවිට පදිංචිකරුවන් වන විමලසිරි (58), සෝමසිරි (55) , ධර්මදාස (49), අජිත් ඉෂාන් (48) සහ ආරියරත්න පෙරේරා (48) යන පස් දෙනා ඉන්දියානු අත්අඩංගුවේ පසුවෙති.

මේ අය අතර සිටින ධර්මදාස, අජිත් සහ ආරියරත්න යන තිදෙනා මේ වන විට ප්‍රංශයේ රැදී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින කුඩු අංජු නැමැත්තාගේ ගෝලයින් බවට හදුනාගෙන ඇත. මෙම මත්කුඩු තොගය භාර ගෙන මෙරටට රැගෙන ඒමේ කටයුත්ත පැවරී ඇත්තේද මෙම තිදෙනාට බව හෙළිවී තිබේ.

ඒ අනුව මෙරට මොවුන්ගේ මත්කුඩු ජාලයට සම්බන්ධකම් ඇති පිරිස් සොයා මෙරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here