Home උණුසුම් පුවත් සජිත් – මෛත්‍රී තීරණාත්මක හමුවක

සජිත් – මෛත්‍රී තීරණාත්මක හමුවක

සජිත් – මෛත්‍රී තීරණාත්මක හමුවක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසකගේ තීරණාත්මක හමුවක් අද (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස මෙය පැවති බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here