Home උණුසුම් පුවත් ‍ඉන්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

‍ඉන්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

‍ඉන්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද නියෝගයක් කර තිබේ.

ඒ ඉන්ධන මිල දී ගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන ක්‍ෂේත්‍ර කවරේද යන්න පැහැදිළි කෙරෙන වාර්තාවක් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සකස් කොට ලබන 12 වනදාට පෙර අධිකරණයේ ගොනු කරන ලෙසයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ අවස්ථාවේදි මෙම නියෝගය කර ඇත.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් එම පෙත්සම් සළකා බලා ඇත.

එම වාර්තාව අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් පසු ලබන 14 වනදා විවෘත අධිකරණයේ සළකා බලන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here