Home දේශීය පුවත් අපිටත්.. මෙහෙම යන්න වෙයිද? දන්නේ නෑ.. දන්නේ නෑ..

අපිටත්.. මෙහෙම යන්න වෙයිද? දන්නේ නෑ.. දන්නේ නෑ..

අපිටත්.. මෙහෙම යන්න වෙයිද? දන්නේ නෑ.. දන්නේ නෑ..

ධාවනයෙන් ඉවත්කර ඇති වසර 25කට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ඒ ඊයේ(02) දින දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීම සඳහා ස්ථාපිත කර ඇති තන්ත්‍රී සමාගම් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

නව දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සඳහා රු.මිලියන 200 ක් පමණ වැයවන අතර දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීම සඳහා දෙමටගොඩ ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri) සමාගමෙන් මැදිරියක් අළුත්වැඩියා කිරීම සඳහා වැයවන්නේ රුපියල් මිලියන 20ක් පමණි.

මේ වන විටත් එම සමාගම මඟින් රුමේනියන් දුම්රිය මැදිරි හා බලවේග කට්ටල මැදිරි 200 ක් අලුත් වැඩියා කොට ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා භාරදී ඇත.

ඉන්ධන අර්බුධයත් සමඟ වැඩි මගී ප්‍රමාණයක් දුම්රියෙන් ප්‍රවාහන කටයුතු සලසා ගැනීමට යොමු වී ඇති බැවින් වැඩි මැදිරි ප්‍රමාණයක් ධාවනයට යෙදවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා අවධාරණය කරයි.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදී ගත් ඡායාරූප පෙළකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here