Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් එන තෙල් ටිකක් IOC ෂෙඩ් එකෙන්වත් නොදුන් ඉන්දීය තානාපති වාහනේ

ඉන්දියාවෙන් එන තෙල් ටිකක් IOC ෂෙඩ් එකෙන්වත් නොදුන් ඉන්දීය තානාපති වාහනේ

0
ඉන්දියාවෙන් එන තෙල් ටිකක් IOC ෂෙඩ් එකෙන්වත් නොදුන් ඉන්දීය තානාපති වාහනේ

ඉන්ධන අර්බුදය මේ වනවිට තානාපති කාර්යාලවලටත් තදින්ම දැනී ඇත.

තානාපති කර්යාලවල වාහනවලටද ඉන්ධන ලබාගැනීමට පවා පෝලිම්වල රැදී සිටීමට සිදුව තිබේ.

මේ සිදුවීම වන්නේ ඉකුත් බ්‍රහස්පතින්දා හෝ ඒ ආසන්න දිනයකදීය.

ඉන්දියානු තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයකට ඉන්ධන ලබා ගැනීමට ඉන්දියානු ජාතික රියදුරා ගොස් ඇත්තේ දෙමටගොඩ පිහිටි ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලටය. එම අවස්ථාවේදී එම ඉන්ධන පිරවුම්හලින් ටෝකන් නොමැතිව ඉන්ධන ලබාදීම ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රතික්ෂේප කර ඇත්තේ තානාපති අංශයේ වාහනයක් බවට ඩී.පී.එල්. සිටිකරය මෙන්ම වාහන අංක තහඩුවේද පළාත් සලකුණ වෙනුවට ඩි.පී.එල් යැයි සඳහන් කර තිබියදීමය.

දෙමටගොඩ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන පුරවා ගැනීමට යන්නේ ඔහු තානාපති කාර්යාලයේ රාජකාරිමය කටයුත්තකට ගොස් එන අතර මගදී එම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන තොග ලැබී ඇති බව දැකීම නිසාය. අනතුරුව රියදුරා තානාපති කාර්යාලය වෙත ගමන් කරමින් සිටියදී කොළඹ පුරහලේ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට ඇති ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලට යන්නේ එම පිරවුම්හලෙන්වත් ඉන්ධන ලැබේවි යැයි අපේක්ෂාවෙනි.

එහෙත් පෙර ඉන්ධන පිරවුම්හලේදී මෙන්ම එම ස්ථානයෙන්ද ඉන්ධන නොලැබුණු තැන රියදුරු කෙලින්ම යන්නේ තානාපති කාර්යාලයටය. එහි සේවයේ නිරතව සිටින ඉන්දියානු පොලිස් ප්‍රධානියාට තමාට වූ අකරතැබ්බ ගැන කීවේය. ඔහු පොලිස් මූලස්ථානයට ඇමතුමක් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම මෝටර් රථයට ඉන්ධන ලැබෙන්නේ පොලිස් ආරක්ෂාවක් සහිතව කොළඹ පිහිටි ලංකා අයි.ඕ.සී පිරවුම්හලකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here