Home උණුසුම් පුවත් ෂෙඩ්වල නැති තෙල් කළුකඩේ ඇතිතරම් – කිලිනොච්චියේ කඩයක් පිටුපසිනුත් ලීටර් 6600ක් මතුවේ

ෂෙඩ්වල නැති තෙල් කළුකඩේ ඇතිතරම් – කිලිනොච්චියේ කඩයක් පිටුපසිනුත් ලීටර් 6600ක් මතුවේ

ෂෙඩ්වල නැති තෙල් කළුකඩේ ඇතිතරම් – කිලිනොච්චියේ කඩයක් පිටුපසිනුත් ලීටර් 6600ක් මතුවේ

කළුකඩ මිලට ඉන්ධන අලෙවිකරන ස්ථානයක් වැටලූ කිලිනොච්චිය පොලීසිය බවුසරයක් පිරෙන්න ඉන්ධන එහි තිබී සොයාගෙන තිබේ.

කිලිනොච්චිය කරඩිබොක්කේ වෙළද සැළක් පිටුපස පැරණි නිවසක ගබඩාකර අලෙවිකරමින් තිබුණු එම ස්ථානයේ තිබී සොයාගත් ඉන්ධන අතර ඩීසල් පමණක් ලීටර් 6400ක් තිබී ඇත. ඊට අමතරව එහි පෙට්‍රල් ලීටර් 200ක්ද භූමිතෙල් ලීටර් 25ක්ද තිබී ඇත. බැරල් 35ක මෙම ඉන්ධන ගබඩාකර තිබුණු බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.

මෙම ඉන්ධන ඡාවාරමකරගෙන ගිය 25 හැවරදි තරුණයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ව්‍යාපාරිකයෙකි. කාලයක් තිස්සේම මෙම ඡාවාරම කරගෙන යන බවත් ඉන්ධන ලීටරයක් අලෙවි කරන්නේ 1500 බැගින් බවත් පොලීසිය කියයි. මෙම ස්ථානය පොලිසිය වටලා ඇත්තේ අද උදෑසනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here