තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPඅබලන් වුණු කරත්තයක් අපට ඉතුරු වුණු... අපි ආයෙත් කරත්තේ..

    අබලන් වුණු කරත්තයක් අපට ඉතුරු වුණු… අපි ආයෙත් කරත්තේ..

    පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් පාසල් දරුවන්ට ගොන් කරත්තයකින් ප්‍රවාහන පහසුකම් ලබා දීමට මාරවිල – කොස්වාඩියේ පදිංචිකරුවෙකු කටයුතු කර ඇත.

    ඒ අනුව තමන්ට අයිති ගොන් කරත්තයෙන් එම ඊයේ(30) පෙරවරුවේ මෙම කටයුත්ත ආරම්භ කළේය.

    තමාගේ සහ අසල්වැසි දරුවන් 07 දෙනෙකුව දිනපතා මේ ආකාරයට ගොන් කරත්තයෙන් පාසලට ගෙන යාමට සහ ආපසු නිවෙස්වලට කැදවාගෙන ඒමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

    මෙම ඡායාරූප පෙළ දුටුවිට ලියුම්කරුට සිහිවන්නේ දශක ගණනකට පෙර තිස්ස ගුණවර්ධනයන්ගේ “සමනළ කන්ද” වේදිකා නාට්‍යයෙන් කළඑළි බැස තිබූ අතිශය ජනප්‍රියත්වයට පත්වූ ළමා ගීතයකි.

    පහතින් දැක්වෙන්නේ, එදා මෙන්ම අදටත් මනාව ගැළපෙන අර්ථාන්විත පැදිපෙළක් ඇති එම අපූර්ව ගීතයයි.

    අපි තාමත් කරත්තේ
    පූණු ගෙවුණු කරත්තේ
    කවුද ගොන්නු කරත්තේ
    අපියි ගොන්නු කරත්තේ…

    ඉස්සර හොඳ හැඩට රුවට රජ දරුවන් තැනූ
    කෑම බීම සැප සම්පත් පුරවා සැනසුනු
    ඊ වරුසා අකුණු වැදී හැම තැන හිල් වුනු
    අබලන් වුනු කරත්තයක් අපට ඉතුරු වුනු…

    වින කරන්න බැලුම් හෙළන යකුනි හතර වටේ
    රවට්ටන්න ඉන්ද්‍රජාල තොප ළඟ දැන් නැතේ
    කෑලි වලට කැඩුණත් අපි තනි කරන්නෙ නැතේ
    අපි ඉහළට ගෙන යනවා කරත්තෙ කර පිටේ…

    අපි තාමත් කරත්තේ
    පූණු ගෙවුනු කරත්තේ
    කවුද ගොන්නු කරත්තේ.
    අපියි ගොන්නු කරත්තේ…

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img