Home උණුසුම් පුවත් දුම්රියකින් ඩීසල් ඇද්ද සේවකයෙක් අත්අඩංගුවට

දුම්රියකින් ඩීසල් ඇද්ද සේවකයෙක් අත්අඩංගුවට

0
දුම්රියකින් ඩීසල් ඇද්ද සේවකයෙක් අත්අඩංගුවට

ගාල් කර තිබූ දුම්රිය ඇන්ජිමකින් ඩීසල් සොරකම් කළ බව කියන දුම්රිය සේවකයෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද(29) වැනිදා අළුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත දුම්රිය ස්ථානයට අනියුක්තව සේවය කරන දුම්රිය තාක්ෂණික ශිල්පී සහායකවරයෙකි.

සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 15 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

29 වැනිදා අළුයම කොළඹ බලා ධාවනය කිරීමට නියමිත දුම්රියක ඇන්ජිමක් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබී ඇත.

සැකකරු ඉන්ධන සොරකම් කර ඇත්තේ එම දුම්රිය එන්ජිමෙන් බව පොලීසිය කියයි.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සිදු කර ඇති විමර්ශණයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here