මුල් පිටුව උණුසුම් පුවත් ලංගම බස් ගාස්තු වැඩිවෙයිද? නැද්ද?

ලංගම බස් ගාස්තු වැඩිවෙයිද? නැද්ද?

0

ලංගම බස් ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ.

දුර පළාත් සඳහා වන බස් රථවලට ද ඉන්ධන ලංගම ඩිපෝවලින් සැපයෙන බව ද හෙතෙම කීය.

පෞද්ගලික බස් රථ සඳහා ද ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයෙන නමුත් පිටතට එම බස් රථ ගෙනගොස් ප්‍රවාහනයට යොදා නොගෙන වෙනත් කටයුතු සදහා ඉවතට ගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇතැයි ද ඒ පිළිබඳ සොයාබලන බව ද සභාපතිවරයා සදහන් කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version