මුල් පිටුව උණුසුම් පුවත් බැංකු වේලාවන් වෙනස් වෙලා

බැංකු වේලාවන් වෙනස් වෙලා

0

මෙරට වාණිජ බැංකු විවෘතව පවතින වේලාවන් හි වෙනසක් සිදුකර තිබේ.

ඒ රට තුළ පවතින වත්මන් වාතාවරණය සැළකිල්ලට ගෙනයි.

බොහොමයක් බැංකු පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පමණක් විවෘතව තැබීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය බැංකු වන මහජන බැංකුව හා ලංකා බැංකුව පෙරවරු 8.30 සිට පස්වරු 2 දක්වා පමණක් විවෘතව තැබීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් ඒ ඒ බැංකු මෙම පියවර ක්‍රියාත්මක කරන දිනය වෙනස් වේ.

එමෙන්ම අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version