තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ඉවර වී ටැක්සියෙන් බැස්ස බැංකු කළමණාකාරවරිය අතුරුදන්

    තෙල් ඉවර වී ටැක්සියෙන් බැස්ස බැංකු කළමණාකාරවරිය අතුරුදන්

    සී/ස ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් උඩප්පුව ග්‍රාමීය බැංකුවේ උඩප්පුව ශාඛාවේ කළමණාකාරවරිය අතුරුදහන්වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි උඩප්පුව පොලීසිය සදහන් කරයි.

    සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් උඩප්පුව පොලීසිය හමුවේ මෙම පැමිණිල්ල සිදු කර ඇත.

    පසුගිය 27 වැනිදා දහවල් 11.00 ට පමණ ග්‍රාමීය බැංකුව වසා දමා ඇති එහි කළමණාකාරවරිය ත්‍රී රෝද රථයක නැගී ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී ඇත.

    තම ත්‍රී රෝද රථයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් කළමණාකාරවරිය මුන්දලම ප්‍රදේශයෙදී රථයෙන් බැස ගිය බව ත්‍රී රෝද රථයේ රියදුරු පොලීසිය හමුවේ පවසා ඇත.

    අතුරුදහන්වී ඇති ග්‍රාමීය බැංකු කළමණාකාරවරිය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img