
තාක්ෂණ අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් බවට පත්කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන කිහිපයක් නව තාක්ෂණ අමාත්‍යාංශයට ඇතුළත් වේ.
මෙම නව අමාත්‍යාංශය දැනට පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේයි.
මෙම අමාත්‍යාංශය මීට පෙර ක්‍රියාත්මක වූයේ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙසයි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන යන විෂය පථයන් වෙන් කරමින් වෙනම අමාතයාංශයක් පසුගියදා ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබුණි
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පසුගිය 24 වැනිදා දිවුරුම් දුන්නේ ය.
එදින සිට බලපැවැත්වෙන පරිදි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එමගින් නව තාක්ෂණ අමාත්‍යාංශය වෙන් කර තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කොළඹ නෙලුම් කුලුණ කළමණාකරණ සමාගම, තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුලු ආයතන 07 ක් ධම්මික පෙරේරා මහතාගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පවරා ඇත.
ඒ අනුව මේ වනවිට අමාත්‍යාංශ 29ක් ගැසට් කර ඇත.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2286-11_S.pdf”]
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2286-12_S.pdf”]