Home දේශීය පුවත් චීනයේ යුනාන් සරසවියට සිංහල පොත් පුස්තකාලයක්

චීනයේ යුනාන් සරසවියට සිංහල පොත් පුස්තකාලයක්

චීනයේ යුනාන් සරසවියට සිංහල පොත් පුස්තකාලයක්

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා පුස්තකාලයක් විවෘත කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාගේ අදහසකට අනුව ඔහුගේ මූලික ධන පරිත්‍යාගයෙන් සහ පරිත්‍යාගවලින් ලබාගත් පොත්පත් භාවිත කරමින් මෙම පුස්තකාලයය ආරම්භ විවෘත කර තිබුණේ පසුගිය 23 වැනිදාය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පොත් ප්‍රකාශකයින් සම්බන්ධ කර ගනිමින් කොවිඩ් වසංගත සීමා පවතින කාලයේ පොත් ගෙන්වා ගැනීමට ද මෙරට සිටින බොහෝ පිරිසකගේ සහය ලද බව සුගත් රත්නායක මහතා පවසයි.

එමෙන්ම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේද සහය ඇතිව ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙන්ම අධ්‍යාපන ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ හිටපු ලේකම් පුෂ්පකුමාර විතානගේ මහතාගේද නොාමඳ සහය මෙම කාර්ය සඳහා ලද බව හෙතෙම කියාසිටී.

“යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා පුස්තකාලයක් ආරම්භ කළ යුතුයි කියන අදහස මගේ සිතට මුලින්ම ආවේ එහි ආරම්භක දේශනය කළ දවසේ. මේ යථාර්ථය ඉෂ්ට කර ගන්නේ කොහොමද කියලා එදා මම ගොඩාක් කල්පනා කළා. ගොඩාක් අය සමග කතා බහ කළා. ඊමේල් රැසක් හුවමාරු කර ගත්තා. අවසානයේ සිංහල අධ්‍යයන අංශය ආරම්භ කරලා අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් විදේශ රටක, විදේශ විශ්වවිද්‍යාලයක සිංහල පොත් 1000 ක් සහිත පුස්තකාලයක් ආරම්භ කිරීමට මම වාසනාවන්ත වුණා. “ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව පුස්තකාලය” චීන – ශ්‍රී ලංකා සබඳතා ඉතිහාසයෙහි නව පිටුවක් පෙරලනු ඇත. ඒ අනුව මම ද ඉතිහාසයක සාක්ෂිකරුවෙක් වුණෙමි. සිංහල ඉගෙන ගන්නා චීන සිසුන් මෙම පුස්තකාලයෙන් තවත් දශක ගණනාවක් ප්‍රයෝජන ගනු ඇත.” යැයි ද කථිකාචාර්ය සුගත් රත්නායක මහතා පැවසීය.

සිංහල භාෂා පුස්තකාලය විවෘත කෙරුණේ යුනාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි පීඨාධිපති මහාචාර්ය ලියු ෂියුසෙන් සහ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම අවස්ථාව සඳහා අධ්‍යයන අංශයේ තවත් මහාචාර්යවරු සහ කථාකාචාර්යවරු රැසක් එක්ව සිටියහ.

පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රත්නායක මහතා කියා සිටියේ මෙය ශ්‍රී ලංකා චීන සබදතාවන්හි නව පිටුවක ආරම්භයක් බවයි.

යුනාන් විශ්වවිද්‍යාලය යනු චීනයේ සිංහල භාෂාව උගන්වන ප්‍රධාන විශ්වවිද්‍යාලයකි. එහි සිංහල භාෂා අධ්‍යයන අංශය ආරම්භ කෙරුණේ 2020 වසරේදීයී. එම වසරේදී ප්‍රධාන විෂයක් ලෙස සිංහල භාෂාව හැදෑරීම සදහා චීන සිසුන් 20 දෙනෙකු ඇතුළත්ව සිටි අතර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තවත් නව සිසුන් පිරිසක් ඇතුළත් කර ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here