Home උණුසුම් පුවත් මීමුරේ ට්‍රිප් ගිය බසය ප්‍රපාතයකට- අයෙක් මරුට- 17කට තුවාල

මීමුරේ ට්‍රිප් ගිය බසය ප්‍රපාතයකට- අයෙක් මරුට- 17කට තුවාල

0
මීමුරේ ට්‍රිප් ගිය බසය ප්‍රපාතයකට- අයෙක් මරුට- 17කට තුවාල

රටේ දැඩි ඉන්ධන හිඟයක් පැවතියදීත් වාරියපොල සිට මීමුරේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හුන්නස්ගිරියේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් තරුණියක් මියගොස් 17 දෙනෙක් තුවාල ලබා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අද සවස් කාලයේදීය.

හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ ලූල්වත්ත ප්‍රදේශයේදී වෙනත් වාහනයකට ඉඩදීමට යාමේදී බස් රථය පෙරළී ඇති බවත් එය අඩි 660 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

විනෝද චාරිකවේ 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් පැමිණ ඇති බව සඳහන්ය.

තුවාලකරුවන් මැදමහනුවර ප්‍රාදේශීය රෝහලේ සහ තෙල්දෙණිය රෝහලට ඇතුලත් කර තිබේ.

මිය ගිය තරුණිය 19 හැවරදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here