Home උණුසුම් පුවත් ගෑස් එන්නේ සති 2කින් – තෙල් නැව එන දවසක් නෑ

ගෑස් එන්නේ සති 2කින් – තෙල් නැව එන දවසක් නෑ

ගෑස් එන්නේ සති 2කින් – තෙල් නැව එන දවසක් නෑ

ලබන ජුලි 5 – 12 අතර දිනවලදී මෙරටට ගෑස් නැව් දෙකක් ළඟාවීමට නියමිත බව ලීට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සැපයුම්කරු එකඟ වී ඇති පරිදි මෙම දිනයන්වලදී මෙට්‍රික් ටොන් 3700ක් බැගින් වන නැව් දෙකක් එනම් මෙට්‍රික් ටොන් 7400ක තොගයක් ලැබෙනු ඇති බව හෙතෙම කියා සිටී.

ඒ අනුව නියමිත පරිදි නැව් ළඟා වුවහොත් ලබන 7 වැනිදා සිට ගෑස් සැපයීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා කීය.

මේ අයුරින් මාස 4ක් යනතුරු ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් යනතුරු අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනනීමට සැපයුම්කරු සමඟ සාකච්ඡා කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කර සිටී.

මේ අතර ඉන්ධන මිලදී ගැනීස සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි පැමිණීමේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වීම ඊට ‍හේතුවයි.

බැංකු කටයුතු සහ සැපයුම් කටයුතුවලදී උද්ගතව ඇති හේතුන් මත මෙලෙස ඉන්ධන සහ බොරතෙල් නැව් ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටි.

මීළඟ ඉන්ධන නැව් මෙරට වරායන් වෙත පැමිණ, ගොඩබෑම් කටයුතු අවසන් වන තෙක් පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙමින් ඉන්ධන සැපයීම සිදුකරනු ලබන බවට අමාත්‍යවරයා සඳහන් කර සිටි.

මේ හේතුවෙන් පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරිනබවත් වැඩිදුරටත් සඳහන් කරයි.

බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට ද ඊයේ පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here