විදේශ මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන් සහ කොන්දේසි සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පදිංචිව සිටින හෝ රැඳී සිටින පුද්ගලයෙකු සන්තකයේ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණයේ සීමාව USD 15,000 සිට USD 10,000 දක්වා අඩු කර ඇත.
එය වෙනත් විදේශ මුදල් ඒකකයකින් නම් ඉහත මුදලට සමාන වටිනාකමක් විය යුතු ය.
මෙරට තුළ සිටින ජනතාව අත ඇති විදේශ මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ පහත පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම ගැසට්ටුව පසුගිය 16 වැනිදා නිකුත් කර ඇති අතර එය එදින සිට දින දින 14ක පොදු සමා කාලයක් සහිතව ක්‍රියාත්මක ය.
2284-34_S