තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට සහය දෙන හැටි අයි.එම්.එෆ්. කියයි

    ශ්‍රී ලංකාවට සහය දෙන හැටි අයි.එම්.එෆ්. කියයි

    මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තීවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහය වීමට අපේක්ෂාකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සඳහන්කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පත් කර සිටින නියෝජිත පිරිස අද (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ඒ බව සඳහන් කර ඇත.

    සතියක කාලයක් මෙරට රැඳී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹීමට අදාළව සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යනයට ලක්කරමින් සිටියි.

    මුලිින්ම මෙම නියෝජිත කණ්ඩායම මුණ ගැසෙන්නේ මුදල් අමාත්‍යාවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාවය.

    මුදල් අමාත්‍යාංශය , මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග පැවැත්වූ සාකච්ඡා සහ වත්මන් තත්වය පිළිබඳව අද පැවති හමුවේදී එම නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

    පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට පැහැදිලි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිසට සිය ස්තූතිය පළකර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර්, මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි, නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන්, ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img