තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගැටළු රැසකට විසඳුම් ලැබෙන අයුරු යුරෝපා ර ටවල තානාපතිවරු හමුවේ ජනපති පෙන්වා...

    ගැටළු රැසකට විසඳුම් ලැබෙන අයුරු යුරෝපා ර ටවල තානාපතිවරු හමුවේ ජනපති පෙන්වා දෙයි

    කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ආහාර සැපයීම ඇතුළු ගැටළු රැසකට විසඳුම් ලබාගත හැකි බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරු හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන්කර තිබේ.

    ඒ යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දීය.

    ජනාධිපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

    ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ලබාදෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට
    ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයෝ පෙන්වා දුන්හ.

    මෙරට ජනගහණයෙන් 90%ක් ග්‍රාමීයව වෙසෙන අතර ඉන් 75%ක් කෘෂිකර්මාන්තයේ නියැලෙති. ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

    කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස වගාකර නොමැති රජයේ ඉඩම් ලබාදීමට පියවර ගෙන තිබේ. යුද්ධයෙන් පසු ඇති වූ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන දීර්ඝකාලීන විසඳුම් ලබාදීමටත් නීතිය ක්‍රියාත්මක වීමේ දී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති ආකාරයත් ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

    ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

    යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙල්ලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img