තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හාල් මුදලාලිලා 665කට නඩු

    හාල් මුදලාලිලා 665කට නඩු

    උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 186ක් සහ මිල ප්‍රදර්ශනය නොකර සහල් අලෙවි කිරීම, සහල් විකිණීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ වෙළෙඳුන් 479 දෙනෙකුට ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

    එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර ඇති බවයි.

    එමෙන්ම එම වැරදි සම්බන්ධයෙන් නඩු පවරා වැරදිකරුවන් වූ 22කට රුපියල් මිලියන 3.2ක පමණ දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කරඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

    ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය තොග හා සිල්ලර වෙළෙඳුන්ට දැනුම්දෙන්නේ උපරීම සිල්ලර මිලට අනුකූලව සහල් අලෙවි කළහැකි පරිදි සහල් මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදුකරන ලෙසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img