තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු 15ට වැඩි හැමෝටම ඩිජිටල් හැඳුනුම්පතක්

    අවුරුදු 15ට වැඩි හැමෝටම ඩිජිටල් හැඳුනුම්පතක්

    නව ජාතික ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ඉදිරියේදි වයස අවුරුදු 15ට වැඩි මෙරට සියලුම පුද්ගලයන් ලියාපදිංචි කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයි.ඩී ලෙස හඳුන්වන මෙම නව හැඳුනුම්පතට පුද්ගලයාගේ ජීවදත්ත තොරතුරුවලට අමතරව ඇඟිලි සළකුණු, රුධිර වර්ගය ඇතුළු ජීව විද්‍යාත්මක තොරතුරු ද ඇතුළත් වන බවයි.

    මෙම නව හැඳුනුම්පත පුද්ගලයන් මිලියන 17 ක පිරිසකට වසර එකහමාරක් තුළ නිකුත් කිරීමට බළාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

    ඉන්දියානු ණය ආධාර යටතේ මෙම නව හැඳුනුම්පත නිකුත් කෙරෙන අතර ඊට අදාළ මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img