තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරි පාරෙන් ඩොලර් ගේන අයට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න බලපත්‍රයක්

    හරි පාරෙන් ඩොලර් ගේන අයට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න බලපත්‍රයක්

    නීත්‍යානුකූල මාර්ගයකින් මෙරටට මුදල් එවන විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා තිබේ.

    මෙහිදී අදාළ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් එවනු ලබන මුදල ද සළකා බැලේ.

    තීරුබදු සහනයක් නොවන වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් මේ සඳහා ලබාදීමට අපේක්ෂා කෙරේ.

    විදේශගත ශ්‍රමිකයින්ට මෙම අවසරය ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියාසිටියේ ජපානයේ රැකියා අවස්ථා සඳහා පිටත්වන ශ්‍රමිකයන් 12 දෙනෙකුගෙන් යුත් පිරිසකට හා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන 4 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමිනි.

    වසර දෙකකට අධික කාලයක් තිස්සේ මෙරටට වාහන ආනයනය තහනම් කර ඇත.

    නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img