Home උණුසුම් පුවත් ව්‍යාපාරික ධම්මික පාර්ලිමේන්තු‍ මන්ත්‍රී ධුරයේ දිවුරයි

ව්‍යාපාරික ධම්මික පාර්ලිමේන්තු‍ මන්ත්‍රී ධුරයේ දිවුරයි

ව්‍යාපාරික ධම්මික පාර්ලිමේන්තු‍ මන්ත්‍රී ධුරයේ දිවුරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද දිවුරුම් දී තිබේ.

ඒ අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කෙරුණේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහායි.

ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් පහක්ද ගොනු කර තිබුණි.

එම පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

ධම්මික පෙරේරා මහතා මෙරට ධනවත්ම පුද්ගලයින් කිහිපදෙනා අතුරින් අයෙකි.

පෞද්ගලික මූල්‍ය ආයතන ඇතුළු සමාගම් 23 කට ආසන්න සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන බව කියන ඔහු මේ වනවිට 55 වන වියේ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here