Home උණුසුම් පුවත් ප්‍රවීන කැමරා අධ්‍යක්ෂකවරයකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන කැමරා අධ්‍යක්ෂකවරයකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන කැමරා අධ්‍යක්ෂකවරයකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරයකු වූ එම්.වී හේමපාල (තලේ) මහතා ඊයේ (20) රාත්‍රි අභාවප්‍රාප්ත විය.

1941 වසරේදී ගාල්ල පිලාන ප්‍රදේශයේදී උපත ලද හේමපාල මහතා අභාවප්‍රාප්ත වන විට 81 වැනි වියේ පසුවිය.

ගාල්ල, පිලාන තක්ෂිලා විද්‍යාලයේන් අකුරැ කළ හේමපාල මහතා 1962 වසරෙදි සත්සමුදුර චිත්‍රපටයට සමිබන්ධවෙමින් සිනමා කේෂ්ත්‍රයට පිවිසියේය.

“තලේ” යන නමින් කේෂ්ත්‍රයේ ප්‍රසිද්ධියට පත් එම්.වී හේමපාල මහතා “සිරිල් මල්ලි, සැණකෙළිය, චණ්ඩි පුතා, සාවිත්‍රිගේ රාත්‍රිය, ගිම්හානේ ගී නාදේ,කෙළිමඬල ඇතුළු චිත්‍රපට 150ක පමණ කැමරා අධ්‍යක්ෂනයෙන් දායක වී ඇත.

මෙරට රූපවාහිනීයේ විකාශය වූ ප්‍රතම ටෙලිනාට්‍ය වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂනය කළ “දිමුතු මුතු” ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා වූයේද අභාවප්‍රාප්ත එමි.වී හේමපාල මහතායි.

ඔහු 1986 හා 1991වසරේ දී හොඳම වර්ණ කැමරා ශිල්පියා ලෙස ජනාධිපති සම්මායට පාත්‍රවිය.

අභාවප්‍රාප්ත එම්.වී හේමපාල මහතාගේ දේහය පෝරුවදණ්ඩ, රත්මල්ගොඩ,කන්දහේන,අංක.375/1/1,දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (23) සවස 3.30 ට ඉංගිරිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here