
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලෝටර්ස් මාර්ගයෙන් පිවිසුම් අවහිර කරමින් අට්ටාලයක් ගැසූ අරගලකරුවන් රැසක් මේ වන විට කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ එම දොරටුව අවහිර කිරීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීමට ඇති දොරටුද අවහිර වී තිබුණු බව කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අට්ටාල ගලවා දමා ගේට්ටු නිදහස් කිරීමට පියවරගත් බවද එම නිලධාරියා කීය. මේ වන විට පිරිසක් එම ස්ථානයේ රැදී සිටිමින් සටන්පාඨ කියමින් විරෝධයක් දක්වමින් සීටී